2024 උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව අනිද්දා (19) සිට මාර්තු මස 29 වනදා දක්වා දිවයින පුරා ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථාන 41කදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙනු ඇත.
අපේක්ෂකයාන් වෙත ලබා දී ඇති විභාග ප්‍රවේශ පත්‍රයේ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව තිබෙනවා.
ඊට අදාළ දිනය හා ස්ථානය කිසිදු හේතුවක් මත වෙනස් නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
අපේක්ෂයින් ප්‍රවේශ පත්‍රයේ සඳහන් කර ඇති දිනයේ නියමිත වේලාවට පැය භාගයකට පෙර එහි පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා .

