දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපය තුළදීත් දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙම උණූසුම් කාලගුණ තත්ත්වය අප්‍රේල් මස මැද දක්වා අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ.
විශේෂයෙන්ම කොළඹ, ගාල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම, අනුරාධපුරය සහ යාපනය යන දිස්ත්‍රික්කවල මේ දිනවල දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා.

