International Masters League තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘International Masters League 2025’ ක්‍රිකට් තරගාවලිය ලබන 22 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් 5ක් මෙහිදී ක්‍රීඩාකරනු ලබනවා.

මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම අතර පෙබරවාරි 22 වැනිදා පැවැත්වෙනවා

මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මාස්ටර්ස් සංචිතය පහතින් ,

ශ්‍රී ලංකා මාස්ටර්ස් සංචිතය

කුමාර් සංගක්කාර (නායක), රොමේෂ් කළුවිතාරණ, අෂාන් ප්‍රියන්ජන්, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ළහිරු තිරිමාන්න, චින්තක ජයසිංහ, සීක්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා