රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සමඟ දිගු හා ඉතා ඵලදායී දුරකථන ඇමතුමක් පැවැත්වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා .
එහි දී යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට නායකයින් එකඟ වූ බවයි ඔහු සඳහන් කරන්නේ .
පුටින් සහ ට්‍රම්ප් අතර දුරකථන ඇමතුම පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ “කල්පවත්නා, විශ්වාසදායක සාමයක්” ගැන ට්‍රම්ප් සමඟ සාකච්ඡා කළ බවයි.

