නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ බිඳ වැටීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුලදී කෙටි විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
අදාල විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මේ වනවිට බලශක්ති අමාත්‍යාංශය විසින් නිල දැනුම්දීමක් කර නොමැති අතර, අදාල බිඳවැටීම යථා තත්ත්වයට පත් කර ගැනීමට සතියක පමණ කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර, විදුලිය විසන්ධි කිරීමේ තීරණයකට පැමිණියහොත් එය දිනකට විනාඩි 15ක් හෝ විනාඩි 20ක කාලයක් ගනු ඇති බවත් සඳහන් වෙනවා

