දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට

දිවයින පුරා සියලුම ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එසේම සියළුම ග්‍රිඩ් උපපොලවල විදුලි සැපයුම් කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ.

අද පෙරවරු 11.15ට පමණ පානදුර විදුලි ග්‍රිඩ් උපපොලේ ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවිය.

අදාළ සිදුවීමත් සමග විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය විදුලිය බිඳ වැටීමට හේතු වී ඇති බවයි හෙතෙම පැවසුවේ.

මෙම විදුලි බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොලට වඳුරෙකු පැනීම හේතුවෙන් සිදුවූ අනතුරක් බව ද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීමට නියමිතයි.