පලස්තීනුවන් වෙනත් තැනක නැවත පදිංචි කිරීමෙන් පසු යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය එක්සත් ජනපදය විසින් අත්පත් කර ගෙන ආර්ථික වශයෙන් සංවර්ධනය කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිව්රුම් දී තිබෙනවා .
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් විසින් ඔහුගේ මෙම අනපේක්ෂිත සැලැස්ම එළිදක්වනු ලැබුවා .
ගාසා තීරය අත්පත් කර ගැනීමෙන් පසුව එහි ඇති සියලුම භයානක පුපුරා නොගිය බෝම්බ සහ අනෙකුත් ආයුධ විසිරුවා හැරීමට පියවර ගන්නා බවයි ට්‍රම්ප් වැඩිදුරටත් මෙහි දී සඳහන් කළේ.
ගාසා තීරය මුළු මැද පෙරදිගටම ආඩම්බරයක් විය හැකි දෙයක් බවට පත් කිරීමට තමන් පියවර ගන්නා බවත් ට්‍රම්ප් මෙහි දී අදහස් දක්වමින් පැවසුවා .

