ලොව පුරාම අවධානය දිනා ගනිමින් 67 වන Grammy සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ Los Angeles නුවර දී පැවැත්වුණා.
ප්‍රසිද්ධ ඇමරිකානු රැප් ගායක Kanye West බිරිඳ bianca censori, 2025 මෙහි දී විශේෂ අවධානයට ලක්විය.
ඒ ඇය මුලදී කළු රෙදිපිළි ඇඳ සිටියද, පසුව එය ඉවත් කර, සම්පූර්ණයෙන්ම නිරාවරණය වූ පෙනුමක් ප්‍රදර්ශනය කිරීමත් සමඟයි.
මෙම සිදුවීම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ විශාල සාකච්ඡාවකට ලක් වී තිබෙනවා.
එමෙන්ම, රතු පලස මත පෙනී සිටීමෙන් පසු, වෙස්ට් සහ සෙන්සෝරි ස්ථානය තුලින් ඉවත්ව ගොස් ඇති බවත්, ඔවුන්ට සම්මාන උළෙල සඳහා සහභාගී වීමට නිල වශයෙන් ආරාධනා කර නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

