77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව ලබා දීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් හෙට (04) දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇත.
මෙම විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 279ක් ද, කාන්තා සිරකාරියන් 6 ක් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

