ඕස්ට්‍රේලියාවේ ඊසානදිග ප්‍රදේශයේ දැඩි ගංවතුර තත්ත්වයක්

ඕස්ට්‍රේලියාවේ ඊසානදිග ප්‍රදේශයේ ඇති වූ දැඩි වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා .

සිකුරාදා සිට උතුරු ක්වීන්ස්ලන්ත වෙරළ තීරයේ විශාල ප්‍රදේශවලට ගංවතුර ඇති වී ඇති අතර, ඉන්හැම් නගරය සහ ඒ අසල පිහිටි ටවුන්ස්විල් නගරය දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා .

එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට එක්පුද්ගල මරණයක් වාර්තා වී ඇති බවයි .

එසේම ගංවතුර හේතුවෙන් කිඹුලන් විවිධ තැන්වල සැරිසැරීම හේතුවෙන් ඔවුන්ගෙන් ද ප්‍රවේශම් වන ලෙසටයි ජනතාවට දැනුම් දී ඇත්තේ .

ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශයට අනුව, අඩු පීඩන නිවර්තන පද්ධති දෙකක් මගින් ඇති කරන ලද ධාරානිපාත වර්ෂාව සහ හානිදායක සුළං හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය ඇති වී තිබෙනවා .