ඌරු කොටුවල වෛරස රෝගයක් පැතිරෙයි

කිළිනොච්චියේ ස්ථාන කීපයක ඌරු කොටුවල ඌරන් මියයමින් තිබෙන බව වාර්තා වනවා.

මෙසේ ඌරන් මිය යන්නේ වෛරස් රෝගයක් හේතුවෙන් බවටයි පශු වෛද්‍ය නිලධාරීන් සිදු කළ පරීක්ෂණවලින් සනාථ වී තිබෙන්නේ.

මේ වබ විට රෝගයට අදාල ඖෂධ ලබා දීම ආරම්හ වී ඇතත් එම වෛරස් රෝගය තවමත් පාලනය වී නොමැති බව පැවසෙනවා.

මේ වෛරස් රෝගය හේතුවෙන් මේ වන විට කිළිනොච්චියේ ඌරු කොටුවල ඌරන් 300 ක් පමණද පැටවුන් 400 ක් පමණද මියගොස් ඇත.

මිය ගිය ඌරන්ගේ මස් හා රෝගය වළදුණු ඌරන් අලෙවි කිරීම හා වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සිදු කළ හැකි බැවින් එසේ කරන පිරිසට එරෙහිව නීති මගින් පියවර ගන්නා ලෙසයි සෞඛ්‍ය බලධාරීන් එම පළාතේ සියලුම පොලිස් ස්ථානවලට හා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවලට දන්වා ඇත්තේ.