‘නාමල් සමග ගමින් ගමට’ – පොහොට්ටුව වැඩ අරඹයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

“නාමල් සමග ගමින් ගමට” යනුවෙන් එම වැඩසටහන නම් කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ.

ඒ අනුව අද පස්වරුවේ අනුරාධපුරය නොච්චියාගම ප්‍රදේශයේ දී මෙහි පළමු වැඩසටහන සිදු කිරීමට නියමිතයි.