රාජ්‍ය සේවයට අලුතින් 30,000ක්

රජයේ පවතින රැකියා පුරප්පාඩු සඳහා සුදුස්සන් 30,000ක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාල ප්‍රතිපාදන ලබන අයවැයෙන් වෙන්කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ

ඉදිරි අය වැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩිකිරීමට කටයුතු කරන බවට පසුගියදා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

මේ අතර ඉදිරියේදී රාජ්‍ය සේවය ඒකාබද්ධ රාජ්‍ය සේවයක් ලෙස පවත්වාගෙන යාමටයි රජයේ සැලසුම වී ඇති බවයි සදහන් වෙන්නේ.