නුවරඑළිය – හයිෆොරස්ට් ප්‍රදේශයේ නායයාමේ අවධානමක්

නුවරඑළිය – හයිෆොරස්ට් ප්‍රදේශයේ නායයාමේ අවධානමක් හේතුවෙන් පවුල් 6 කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවතින වර්ෂාවත් සමඟ අදාළ ප්‍රදේශයට නායයාමේ අවධානමක් මතුව ඇති බවයි.

ඒ අනුව, අදාළ පිරිස් ආරක්ෂිත ස්ථානයක් වෙත යොමුකර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රදේශවල මාර්ග රැසක ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා