ජනවාරියේ පැමිණි සංචාරකයන් පිරිස ලක්ෂ දෙක ඉක්මවයි

2025 වසරේ ජනවාරි මාසයේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ජනවාරි පළමු දින සිට 26 දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 212,838ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

මෙම කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් අතරින් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 37,383කි.

එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය, ප්‍රංශය ඇතුළු රවලින් ද වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.