අමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) විසින් COVID-19 වසංගතයට වගකිව යුතු වෛරසය බොහෝ විට රසායනාගාරයකින් ආරම්භ වූවක් යැයි සඳහන් කරමින් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
කෙසේවෙතත් මෙම සොයා ගැනීම නව ට්‍රම්ප් පාලනය යටතේ පවතින අමෙරිකානු බුද්ධි අංශවල ප්‍රතිඵලයක් නොවන අතර අමෙරිකාවේ පැවැති බයිඩ්න් පරිපාලනයේ සහ හිටපු CIA අධ්යක්ෂ විලියම් බර්න්ස්ගේ නියමය පරිදි වාර්තාව සම්පූර්ණ කර තිබෙන එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒජන්සියේ නායකත්වය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තේරීමේ නියෝගය මත අධ්යක්ෂවරයා ලෙස දිවුරුම් දුන් ජෝන් රැට්ක්ලිෆ්ගේ නියෝගයක් අනුව එම වාර්තාව ඉකුත් සෙනසුරාදා ප්‍රසිද්ධියට පත් කර තිබුණා.
සූක්ෂම සොයාගැනීම්වලින් ඇඟවෙන පරිදි එම ඒජන්සිය විශ්වාස කරන්නේ, සාක්ෂිවල එකතුව ස්වභාවික සම්භවයකට වඩා රසායනාගාර සම්භවයක් ඇති කරන බවයි.
නමුත් නියෝජිතායතනයේ තක්සේරුව මෙම නිගමනයට අඩු විශ්වාසයක් ලබා දෙන අතර ඌන සාක්ෂි, අවිනිශ්චිත හෝ පරස්පරතාවයන් ද පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
COVID-19 හි මූලාරම්භය පිළිබඳ පූර්ව වාර්තා බෙදී ගියේ කොරෝනා වෛරසය චීන විද්‍යාගාරයකින් මතු වූයේ වැරදීමකින් ද නැතහොත් එය ස්වභාවිකව ඇති වූවක් ද යන්න පදනම් කර ගෙනයි.
ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් පවසන්නේ, චීන බලධාරීන්ගේ සහයෝගිතාව නොමැතිකම හේතුවෙන් එය කිසි විටෙකත් විසඳිය නොහැකි බවයි.
එබැවින් CIA ඒජන්සිය මගින් COVID-19 වසංගතය පර්යේෂණ ආශ්රිත සහ ස්වාභාවික සම්භවය යන දෙකම පිළිගත හැකි බව තක්සේරු කිරීම අඛණ්ඩව සිදු කරන බව ඒජන්සිය සිය නව තක්සේරුව පිළිබඳ ප්‍රකාශයක සඳහන් කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

