දිවයින පුරා පවතින ගුණාත්මකභාවය, වායු ගුණාත්මක දර්ශකයේ 58 ත් 120 ත් අතර පරාසයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
යාපනය, කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව සහ අනුරාධපුර යන ප්‍රදේශවල එම අගය එතරමක් සෞඛ්‍ය සම්පන්න මට්ටමක නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කෙසේවෙතත් අනෙකුත් ප්‍රදේශවල මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇති බවත් ඔවුන් සඳහන් කරනවා .

