මේ දිනවල ඉන්දියාවේ සිදු වෙන්න තියෙන තවත් දැවැන්ත විවාහ මංගල්‍යයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල දැඩි කතාබහක් මතුව තිබෙනවා.
ඒ තමයි Gautam Adani ගේ පුතා වන Jeet Adani ගේ සහ Diva Jaimin ගේ විවාහය .
ලබන පෙබරවාරි හත්වෙනිදා තමයි මේ විවාහය සිදු වෙන්න නියමිතව තිබෙන්නේ .
සමාජ මාධ්‍ය වල දැක්වෙන ආකාරයට මෙම විවාහ මංගල්‍යය සඳහා Elon Musk, Bill Gates, Mark Zuckerberg, Daniel Craig, Taylor Swift, Justin Bieber, Billie Eilish, Coldplay ආදී සුපිරි තරු රැසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා .
කෙසේවෙතත් ඇතැම් වාර්තා සඳහන් කරන්නේ මෙම විවාහයට අමුත්තන් 300 කට වඩා සහභාගී නොවනු ඇතැයි අපේක්ෂා කරන බවයි .
එසේම විවාහ මංගල්‍යය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Gautam Adani සඳහන් කරන්නේ විවාහය සරල හා සාම්ප්‍රදායික ආකාරයකින් සිදුවනු ඇති බවයි .

