පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස පිහිටුවීමට කැබිනට් අනුමැතිය

පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මර්දනය කිරීමේ අරමුණින් මෙම කොට්ඨාස ස්ථානය කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ.

ඒ අනුව එම කොට්ඨාස පිහිටුවීම ඉදිරි සති දෙක ඇතුළත සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඔහු සඳහන් කළේ අදාළ කොට්ඨාස වෙත නිලධාරීන් අනුයුක්ත කිරීම සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි.

මේ වනවිට දකුණු හා බස්නාහිර පළාත්වල එවැනි කොට්ඨාස පිහිටුවා තිබෙනවා .

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ද මෙම කොට්ඨාසවල සක්‍රීය දායකත්වයක් ලබා ගැනෙනු ඇත.

පොලිසිය පැවසුවේ, මෙම අපරාධ කොට්ඨාස හරහා පාතාල අපරාධ ක්‍රියා සමීපව අධ්‍යයනය කර  ඒවා මර්දනයට කඩිනමින් පියවර ගන්නා බවයි.