දහස් ගණනක් පලස්තීනුවන් උතුරු ගාසාවේ තම නිවෙස් වෙත ආපසු යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ඒ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය මේ සතියේ ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකු නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීමත් සමඟයි .
මාස 15 ක ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් බොහෝ දුරට විනාශ වී ඇති උතුරු ගාසා තීරයට මෝටර් රථයෙන් සහ පයින් ගමන් කිරීමට සූදානම් වෙමින්, නෙට්සාරිම් කොරිඩෝව අසල පලස්තීන ජාතිකයන් රැස්ව සිටින බවයි වාර්තා වෙන්නේ.
පසුගිය ඔක්තෝම්බරයේ යුද්ධය ආරම්භයේ සිට මිලියන 1.5 කට වැඩි පලස්තීන ජාතිකයන් අවතැන්ව සිටිනවා.

