අනාගතයේ ඇති විය හැකි න්‍යෂ්ටික යුද්ධ ආදී දරුණු ආපදා තත්ත්වයක දී පවා ආරක්ෂා විය හැකි ආකාරයේ අතිශය ආරක්ෂිත සහ සුඛෝපභෝගී භූගත බංකර, ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමක් විසින් හඳුන්වා දී තිබෙනවා .
මෙම බංකර ව්‍යාපෘතිය ඩොලර් මිලියන 300ක වටිනාකමින් යුතු වන අතර එය 2026 දී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා .
මෙම ව්‍යාපෘතිය යටතේ එක්සත් ජනපදයේ නගර 50 ක් ඇතුළුව ලොව පුරා ස්ථාන 1,000 ක බංකර් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත .
මෙහි පළමු බංකරය මේ වන විට ඇමරිකාවේ වර්ජිනියාවේ ඉදි වෙමින් පවතින අතර එහි පුද්ගලයින් 625 දෙනෙකුට නවාතැන් ගැනීමේ හැකියාව ඇත.
මෙම බංකර නවීන ආරක්ෂිත උපක්‍රම යටතේ බහු-ස්ථර ජෛවමිතික සත්‍යාපනය සහ විනිවිද යා නොහැකි ස්තර යොදා ගෙන සකස් කර තිබෙනවා (multi-layer biometric authentication, and impenetrable tactical mantraps).
සෑම බංකරයකම AI බලයෙන් ක්‍රියාත්මක වන වෛද්‍ය කට්ටල, භූගත තටාක සහ සුවතා මධ්‍යස්ථාන, Hyperbaric කුටි , සූපවේදීන් විසින් සකස් කරන ලද ආහාර සහිත රසැති භෝජනාගාර ඇතුලත් වනවා .
මෙම බංකර ඩොලර් මිලියන 20 ක් වැනි මිලකට සීමිත පිරිසකට පමණක් ලබා ගත හැකි බවයි Forbes සඟරාව වාර්තා කරන්නේ .

