දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන්න – ජනපති

දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම  මැති ඇමතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

ජනතාවගේ දුරකතන ඇමතුම් වලට සවන් දී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ද හෙතෙම සඳහන් කර තිබෙනවා.

ආණ්ඩුවේ ඇතැම් ඇති ඇමතිවරුන් ජනතාවගේ සහ මාධ්‍යවේදීන්ගේ  දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවට විවිධ චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමකයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.