රටවල් කිහිපයක Netflix මිල ගණන් ඉහළට

ප්‍රමුඛ පෙළේ චිත්‍රපට streaming ආයතනයක් වන Netflix විසින් සිය subscription plans වල මිල රටවල් කිහිපයක් සඳහා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා .

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, පෘතුගාලය සහ ආර්ජන්ටිනාව යන රටවලට ඉදිරියේ දී නව මිල ගණන් යටතේ subscription plans හඳුනවා දීමට නියමිතව තිබෙනවා .

එහි දී දැන්වීම්-සහාය දක්වන පැකේජය (ad-supported tier) මසකට ඩොලර් 6.99 සිට ඩොලර් 7.99 දක්වා වැඩි වන අතර සම්මත දැන්වීම්-රහිත පැකේජය (standard ad-free tier) මසකට ඩොලර් 15.49 සිට ඩොලර් 17.99 දක්වා ඉහළ යනු ඇත.

එහි ඉහළම මිල ගණන් සහිත වාරික පැකේජය (standard ad-free tier) ද මසකට ඩොලර් 22.99 සිට ඩොලර් 24.99 දක්වා වැඩි වේ.

Netflix ප්‍රකාශක MoMo Zhou සඳහන් කරන්නේ පරිශීලකයන්ගේ ඉදිරි මිල දී ගැනීමේ හෝ renew දිනයේ මෙම නව මිල ගණන් යටතේ ඔවුන්ට සේවාව ලබා ගත හැකි වන බවයි .

Netflix අවසන් වරට එහි subscription plans වල මිල ඉහළ දැමුවේ 2023 ඔක්තෝබර් මාසයේදී වනවා.