ආනයනික ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් දිවයිනට

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් එළැඹෙන 27 වැනිදා මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එය මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය බවයි එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

ලබන 31 වැනිදා වන විට ලුණු මෙට්‍රික් ටොන් 12,500ක් ආනයනයට සැලසුම් කර තිබෙනවා.

ඉන්දියාවෙන් ලුණු ආනයනය සඳහා ආනයනකරුවන් දෙදෙනෙකුට අවසර ලබා දී තිබේ.

පසුගිය වර්ෂා සමයේදි මෙරට ලුණු ලේවායන්හි අස්වැන්නට සිදුවු බලපෑම් සැලකිල්ලට ගෙන ලුණු හිඟයක් ඇති වීමේ අවධානමට විසඳුමක් වශයෙන් මෙලෙස ලුණු ආනයනය කිරිමට රජය පියවර ගත්තේ ය.