තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය අද (22) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව තායිවානය සහ නේපාලයෙන් පසු සමලිංගික විවාහ නීතිගත කළ ආසියාවේ තුන්වන රට බවට තායිලන්තය පත් වනු ඇත.
එයට සමගාමිව අද සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු අද සිය විවාහ ගිවිස ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය වසරේදී තායිලන්තය තුළ සමලිංගික විවාහ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 400ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 10ක් පමණි.
මෙම නීතිය ක්‍රියාත්මක වීම මගින් තායිලන්තය තුළ සමලිංගික යුවලකට අද සිට විවාහ වීමටත්, ඔවුන්ගේ වත්කම් කළමනාකරණය කිරීම සහ උරුම කරගැනීමටත්, දරුවන් හදා ගැනීමටත් සමාන අයිතිවාසිකම් හිමිවනු ඇති.
එසේම විවාහය සම්බන්ධයෙන් වන තායිලන්ත නීති, සැමියා බිරිඳ යන වචන වෙනුවට කාලත්‍රයා හෙවත් spouse යන යෙදුම එක් කරමින් සංශෝධනය කර තිබෙනවා.

