අමාත්‍යංශ සඳහා උපදේශකවරු පත්කිරීම, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩල මෙන්ම වාහන සහ ඉන්ධන, දුරකථන යනාදිය සම්බන්ධයෙන් දැනුම් දෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ජනතාව විසින් වත්මන් රජය වෙත බලය ලබා දීමේ දී අපේක්ෂා කරන ලද කරුණු පිළිබඳවද මෙහි සඳහන් කර තිබෙනවා.
මහජනතාව විසින් ආර්ථික සංවර්ධනය, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, රජය තුළ සිදුවන වංචා, දූෂණ හා අක්‍රමිකතා අවම කර යහපත් රාජ්‍ය පාලනයක් ස්ථාපනය කිරීම යනාදිය පිළිබඳ මෙහි අවධානය යොමුකර තිබේ.
එසේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, ආර්ථිකය ඇතුළු සියලුම ක්ෂේත්‍ර තුළ සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය තහවුරු කිරීම, දරුවන් හා තරුණ පරපුර වෙනුවෙන් සුරක්ෂිත අනාගතයක් ගොඩ නැංවීම මෙන්ම පුරවැසියන්ගේ ජීවිත නිදහස්ව හා සාමකාමීව පවත්වා ගෙන යාම ආදී කරුණු ද පිළිබඳවද මෙහි විශේෂ සැලකිල්ලටක ලක් කර ඇත.
ඊට අදාළ නිවේදනය පහතින් ,






