වී වල සහතික මිල ගැන සොයා බලන්න කමිටුවක්

 වී වල සහතික මිල සංශෝධනය සඳහා කමිටුවක් පත් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

එම කමිටුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ හා පර්යේෂණායතනය පසු අස්වනු තාක්ෂණ ආයතනය වැනි ආයතන කිහිපයක නියෝජිතයින්ගෙන් සමන්විත බවයි එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ.

වී වගාව සඳහා යොදා ගන්නා යෙදවුම් මිල ගණන් පිළිබඳ සාමාලෝචනයක් මෙම කමිටුව හරහා සිදු කිරීමෙන් අනතුරුව මෙවර වී මිලදී ගන්නා සහතික මිල තීරණය කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය යළ කන්නයේ නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105ක සහතික මිලකටත් සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115 කටත් කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130 කටත් මිලදී ගැණුනි.