වැසුණු පාසල් හෙට සිට යළි විවෘත වෙයි

නැගෙනහිර පළාතේ සහ උතුරු මැද පළාතේ වසා දැමුණු සියලු පාසල් හෙට සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම පළාත්වල සියලු පාසල් අද (20) දිනයේදී වසා දැමීමට තීරණය කර තිබුණි.