අම්පාර ගල් ඔයෙහි ඉවුරක් කැඩී යැයි

අම්පාර ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් ඇතැයි වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර බෙහෝමයක් ජලයන් යටවී තිබෙනවා.

මෙම කුඹුරු බොහොමයක ගොයම පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට ආසන්නයේ තිබූ කුඹුරු රැසක්ද තිබූ බවය වාර්තා වේ.

කෙසේ වෙතත් ඉවුර කැඩීයාමෙන් ජීවිත හානි කිසිවක් නොමැති බව සඳහන්.