සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කරයි

ඇද හැලෙන අදික වැසි හමුවේ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇතයි වාර්තා වෙනවා.

ඒ අනුව අඟල් 6 බැගින් වාන් දොරටු 5ක් විවෘත කිරීමට තීරණය වී ඇති අතර පැයකට පසු එම වාන් දොරටු අඟල් 12ක් දක්වා විවෘත කිරීමට සිදුවනු ඇති බවත් සඳහන්.