ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා ගාල්ල, කපුහෙන්පොළ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි ඔහුගේ පවුලේ අය සඳහන් කරන්නේ
1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා මියයන විට 75වන වියේ පසු වුණා.
80 දශකය අගභාගයේ බිහි වූ රාවය පුවත්පතේ සමාරම්භක කතෘවරයා වූ වික්ටර් අයිවන් මහතා, ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු ද වනවා.
මෙරට දේශපාලනික කෘතින් ගණනාවකම කතෘවරයා ද වන ඔහු, දේශකයෙකු ලෙස සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්රය සම්බන්ධයෙන් සුවිශාල මතවාදී මැදිහත්වීමක් සිදුකළ අයෙක්ය.

