මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් ඉන්දු රුසියානු සමාගම් දෙකකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි අධ්‍යයනයක් කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෙහෙයුම් කටයුතු භාරදීමට තීරණය කළ ඉන්දීය සමාගම මේ වනවිට අමෙරිකාව විසින් අසාදු ලේඛනගත කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා පවසන්නේ.
එවැනි තත්ත්වයක් යටතේ ගුවන් තොටුපොළේ මෙහෙයුම් එම සමාගමට ලබාදීම ගැටලු සහගත වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මෙහෙහුම්වල ලාභය බෙදා ගැනීම සම්බන්ධ කොන්දේසි ද රජයට අවාසි දායක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව අදාළ තීරණය අධ්‍යනය කර කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඉන් ලැබෙන නිර්දේශ මත ඉදිරි පියවර ගනු ඇත
දැනට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර මේ වනවිට සතියකට එක් ගුවන් යානයක් පමණක් මත්තල ගුවන් තොටුපොළට ගොඩබස්වනු ලබනවා.

