රුපියලේ සුළු පහල යෑමක්

පසුගිය සතියට සාපේක්ෂව අද දින ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 290.74 දක්වා සහ විකුණුම් මිල රු. 299.28 ක් ලෙස සටහන්ව තිබෙනවා.