බිත්තර කන්න පුළුවන් හොදම ක්‍රම 03ක්

බිත්තර කියන්නේ අපි හැමෝම එදිනෙදා අපේ ආහාරයට එකතු කර ගන්න පෝෂණ ගුණයෙන් පිරි කෑමක් .

ඉතින් අද අපි කියන්න යන්නේ මේ බිත්තර වල තියෙන පෝෂණ ගුණය උපරිම විදිහට අපිට ගන්න නම් මේ බිත්තර කන්න ඕනේ ක්‍රම තුනක් ගැන.

උයනකොට තියෙන ඉහල උෂ්ණත්වය නිසා මේ බිත්තර වල තියෙන ප්‍රෝටීන් වල ව්‍යුහය යම් විදිහට වෙනස් වෙනවා (denature වෙනවා). මේ නිසා අමු බිත්තරයක් කන එකට වඩා වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් උයපු බිත්තරයකින් ලබා ගන්න පුළුවන් වෙනවා.

කොහොම වුණත් දීර්ඝ කාලයක් ඉහළ උෂ්ණත්වය වල බිත්තර පිස ගැනීමෙන් නම් එකේ තියෙන විටමින් A සහ ​​ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතය අඩු වෙන්න පුළුවන්.

ඒ වගේම එතකොට එය මදයෙහි කොලෙස්ටරෝල් ඔක්සිකරණය වීම නිසා, ඔක්සිස්ටෙරෝල් සෑදෙන්නත් පුළුවන් . ඒක නම් ඉතින් ශරීරයට එච්චරම හිතකර නැහැ.

1. තම්බා ගැනීම (boiling)

බිත්තරයක් සාමාන්‍යයෙන් විනාඩි 06 සිට 10ක් අතර කාලයක් උණු වතුරට දාලා තම්බා ගැනීම සුදුසු වෙනවා.

ඔයා බිත්තර කහ මදය දියාරු විදිහට කන්න කැමති කෙනෙක් නම් විනාඩි 06ක් වගේ ගියාට පස්සේ බිත්තරය තම්බන එකෙන් ගන්න පුළුවන් . එහෙමත් නැත්නම් ඔයා කැමති ගොඩක් හොඳට තම්බුනු කහ මදයක් කන්න නම් ඔන්න විනාඩි 10ක් වගේ තියන්න .

හොඳින් තම්බා ගත්ත බිත්තර වල තියෙන්නේ අඩු කැලරි ප්‍රමාණයක් නිසා ඒවා බර අඩු කර ගන්න අයට නම් වඩාත් සුදුසු වෙනවා කියලා තමයි කියන්නේ .

2. Poaching බිත්තර

මේ ක්‍රමයේ දී නම් බිත්තරය කඩලා උණු වතුරට දාලා ගන්නවා . මිනිත්තු 2.5 සිට 3 දක්වා පමණ කාලයක් බිත්තරය උණු වතුරේ තම්බා ගන්නවා .

මේ ක්‍රමයෙන් බිත්තරවල ස්වාභාවික රස සහ පෝෂණ ගුණය බොහෝ ලෙස ආරක්ෂා කර ගන්න පුළුවන් . ඒ වගේම කැලරි ප්‍රමාණයත් අවම කරනවා. ඒ නිසා මෙහෙම බිත්තර කන එක වඩාත් සුදුසු කියලා තමයි පෝෂණවේදීන් නම් කියන්නේ.

3. Fry කිරීම

බිත්තරයක් pan එකේ දාලා fry කරලා ගන්නවා කියන එකත් බිත්තර කන ජනප්‍රිය ක්‍රමයක් .

කොහොම වුණත් ඔයා බදින්න තෙල් භාවිතා කරනවා නම් ඒකෙන් තවත් තෙල් ප්‍රමාණයක් ඔයාගේ ආහාරයට එකතු වෙන නිසා එක එච්චර හොඳ දෙයක් වෙන්නේ නැහැ.

කොහොම වුණත් දැනට වෙළඳපොලේ තියෙන non stick pan එකක් භාවිතා කරනවා නම් ඒ ගැටළුවක් ඇති වෙන්නේ නැතුව ඉතාම ඉක්මනින් සහ පහසුවෙන් ඔයාට බිත්තරයක් සකසා ගන්න පුළුවන් .

මේකේ දී ත් ඉහළ උෂ්ණත්වය වල වැඩි වෙලාවක් නොතියා ඉන්න වග බලා ගන්න ඕනි .