ඇමරිකාවේ ලැව් ගිනි හේතුවෙන් මිය ගිය පිරිස ඉහළට

ඇමරිකාවේ – ලොස් ඇන්ජලිස් නුවර පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.

එසේම අවම වශයෙන් පුද්ගලයන් 16 දෙනෙක් පමණ අතුරුදහන් වී තිබෙනවා .

පවතින ලැව්ගිනි තත්ත්වය පැයට කිලෝමීටර 96 ක පමණ වේගයෙන් හමන දැඩි සුළං ධාරා හමුවේ ඉදිරි දින කිහිපයේදී තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ.

එසේම ලැව්ගිනි හේතුවෙන් පැලිස්ඩේස් ප්‍රදේශයේ අක්කර 23,000 කට අධික භූමි ප්‍රමාණයක් ද, ඊටන් ප්‍රදේශයේ ගින්නෙන් අක්කර 14,000 කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

එමෙන්ම එරට ගිනි නිවිමේ හමුදා කණ්ඩායම් විසින් දිගින් දිගටම ලැව්ගින්න පැතිරී යාම වැළැක්වීමට සහය වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙම වසරේ සිදු වූ ලැව්ගිනි හේතුවෙන් සිදුවූ මූල්‍ය අලාභය ඩොලර් බිලියන 250 ත් 275 ත් අතර වන බව පුරෝකථනය කර තිබෙනවා.

මේ වන විට මෙම ලැව් ගිනි දින හයක් තිස්සේ පැතිර යමින් පවතින අතර ගොඩනැගිලි 12,000 කට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා .