මෙම වසරේ මුල් දින 9 යේදී පමණක් විදෙස් සංචාරකයන් 70,944 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
එහිදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 11,789 ක්.
මීට අමතරව රුසියාව, එක්සත් ජනපදය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ චීනය ඇතුලු රටවල් වලින්ද අදාළ කාලය තුළදී දිවයිනට සංචාරකයින් පැමිණ තිබෙනවා.
පසුගිය වසරේදී දිවයිනට පැමිණ තිබූ මුලු සංචාරකයින් සංඛ්‍යාව 2,053,465ක්.

