ගුරු විද්යාල අවසාන විභාගය සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2025 වසරේ මැයි මස පැවැත්වීමට තීරණය කර තිබෙන බවයි.
එම විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඊයේ දින (09) සිය එළැඹෙන 24 දින දක්වා මාර්ගගතව සිදු කරනු ලබනවා.
ඒ අනුව ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිත කර මාර්ගගතව පමණක් අයදුම්පත් යොමුකළ යුතු බවත් එම නිවේදනය මගින් දන්වා තිබේ.

