වසරක් තුළ වවුනියාවෙන් මී උණ රෝගීන් 41ක්

ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසනවා

සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය විසින් මී උණ රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් කළ දැනුවත් කිරීමේ වැඩසටහනකදී මෙය සඳහන් කර තිබෙනවා.

පසුගිය වසරේ මහ කන්නය හා යල කන්නය තුළයි ගොවීන් 41 දෙනෙකු මෙලෙස මී උණ රෝගයට ගොදුරුව ඇත්තේ.

මහ කන්නයේ හා යල කන්නයේ වගා කටයුතුවලට පෙර මී උණ රෝගය වෙනුවෙන් ලබාගන්න ප්‍රතිජිවක ඖෂධ ලබා ගැනීම තුළින් මී උණ රෝගයෙන් වැළකි සිටීමට හැකි බවද සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රික්කය තුළ පැතිරී ගිය ආකාරයට මී උණ පැතිරයාම වළක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති අතර, ගොවි ජනතාව දැනුවත් කිරීම සිදුකිරීමට සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පියවර ගෙන තිබිණි.