ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක් නැහැ

ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම් දෙනවා.

මේ අනුව 2025 ජනවාරි මාසය සඳහාත් දැනට පවතින මිල ගණන් වලංගු වනු ඇත.

මේ වන විට 12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වනවා.