රුපියල් බිලියන 30ක විශ්‍රාමික පාරිතෝෂික හා හිඟ වැටුප් ගෙවා නැහැ

රුපියල් බිලියන 30ක පමණ විශ්‍රාමික පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් ගෙවා නොමැති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

මේ හේතුවෙන් විශ්‍රාමිකයින් ලක්ෂ 6ක් පමණ පීඩාවට පත්ව සිටින බවයි අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පෙන්වා දෙන්නේ.

ඇතැම් විශ්‍රාම වැටුප් හිඟයන් 1992 වසරේ සිට පවතින බවද ඔහු කියා සිටියා.

මෙම හිඟ පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් කඩිනමින් ඔවුන්ට ලබාදීමට මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා.

පසුගිය ආණ්ඩු කිහිපයක් විසින් මග හැර තිබූ රජයේ විශ්‍රාමිකයින්ගේ පාරිතෝෂික ගෙවීම කඩිනම් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බවද මහාචාර්ය චන්දන අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.