කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකයේ දැවැන්ත පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද දිනයේ දී වාර්තා වුණා.

එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42 ක් ලෙසින් සටහන් වුනා.

මේ අතර S&P SL 20 දර්ශකය ද දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් ලෙසින් වාර්තා විය.

රු. බිලියන 11.48 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.

මෙලෙස අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩව දින 27ක් පුරාවට එහි වර්ධනයක් දැකිය හැකි වූ පසුබිමක වීම විශේෂත්වයක් වනවා.