Clean Sri Lanka වැඩසටහන අද ඇරඹෙයි

නව රජයේ ”Clean Sri Lanka” වැඩසටහන එළිදැක්වීමේ සිදු කෙරෙනවා.

ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය, පෙරේදා නිකුත් කෙරුණා.

2025 වසරේ සියලු රාජ්‍ය ආයතනවල රාජකාරි කටයුතු ඇරඹීම මෙවර සිදු වන්නේ, ”Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව වනවා.

මෙම වැඩසටහන එළිදැක්වීම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී අද සිදුකිරීමට නියමිතව තිබේ.

Clean Sri Lanka වැඩසටහන එළිදැක්වීමේ ජාතික උත්සවය සියලු රජයේ සහ පෞද්ගලික විද්‍යුත් නාළිකා මඟින් විකාශනය කිරීමට කටයුතු සලසා ඇති අතර සියලු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට එය නැරඹීමේ පහසුකම සලසා දෙන ලෙස ද දැනුම් දී තිබේ.

”Clean Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බළකාය, ජනාධිපති කාර්යාලය හා එක්ව වැඩසටහන සම්පාදනය කර තිබෙනවා.

මෙමගින් ආදර්ශය ලබා දීම, පෙළඹවීම, යොමු කිරීම සහ වෙනස්වීමේ අවශ්‍යතාව ශක්තිමත්ව තහවුරු කිරීම තුළින් සමාජයක චර්යාමය වෙනස්කම් සිදු කිරීමේ ශක්තිමත් ප්‍රවේශයක් ලබා ගත හැකියි.