කොළඹ උද්ධමනය ඉහළට

2024 දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024  දෙසැම්බර් මාසය සඳහා -1.7%ක් දක්වා වැඩිවී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (31) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

එය 2024 නොවැම්බර් මාසය සඳහා -2.1% ක් ලෙස සටහන්ව තිබුණා.

2024  දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  0.8% දක්වා වැඩිවී ඇති අතර 2024 නොවැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 0.6%ක්  ලෙසය.

එමෙන්ම,  2024 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  -3.0%  ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 නොවැම්බර් මාසයේ දී -3.3%ක් ලෙස වාර්තා විය.