NASA විසින් දියත් කරන ලද Parker Solar Probe නම් වූ අභ්‍යවකාශ යානය සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී තිබේ.
සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ පළමු යානාව ලෙසට එය ඉතිහාසගත වනු ඇත.
දින කිහිපයක් ඉන් සංඥා නොලැබී තිබුණු හෙයින් එය සූර්යයා ගේ අධික උෂ්ණත්වයට විනාශ වූවාදැයි යන සැකය මතුවී තිබුණා.
කෙසේවෙතත් එම යානයෙන් අද (05:00 GMT) විද්‍යාඥයින්ට සංඥා ලැබී තිබීමත් සමඟයි මෙලෙස එය වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙන්නේ.
පර්යේෂකයන් පවසන පරිදි මෙම යානය විසින් සූර්ය සුළඟ, අංශු සහ සූර්යයාගේ වායුගෝලය පිළිබඳ වැඩ සඳහා උපකාර වන වටිනා දත්ත රැසක් මේ වන විට රැස් කර ගෙන තිබෙනවා.
මෙම යානයට පැයට සැතපුම් 430,000ක (පැ.කි.මී. 692,000) වේගයෙන් ගමන් කළ හැකි බවත්, 1,800F (980C)ක උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බවත් නාසා ආයතනය සඳහන් කරනවා.
මෙම මෙහෙයුම මේරිලන්ඩ් හි Johns Hopkins Applied Physics Laboratory (APL) හි කණ්ඩායමක් විසින් සිදු කරනු ලබනවා.

