හැම කොල්ලෙක්ගේ ම ආසාවක් තියෙනවා නේ හොඳට ඇඟ එහෙම හදා ගෙන ඉන්න . ඔන්න ඒ අයට තමයි අද මේ ලිපිය ගෙනාවේ .
අපේ ඇඟේ මස්පිඩු හැදෙන්න ගොඩක් උපකාරී වෙන පලතුරු වර්ග 05ක් ගැනයි මේ කියන්න යන්නේ.
මේවා ප්‍රෝටීන්, තන්තු සහ ප්‍රතිඔක්සිකාරක වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී තියෙන නිසා මාංශ පේශි අලුත්වැඩියාවට සහාය වෙනවා.
විශේෂයෙන් ඔයා මස් මාළු කන්නේ නැති කෙනෙක් නම් ඔයාට මේ ලිපිය ගොඩක් වැදගත් වෙනවා .
1. පැපොල්
ග්‍රෑම් 275ක් පමණ බරැති මධ්‍යම ප්‍රමාණයේ පැපොල් ගෙඩියක ප්‍රෝටීන් ග්‍රෑම් 1.3ක් පමණක් අඩංගු වෙනවා . ඒ වගේම එහි ප්‍රෝටීන් ජීර්ණය කිරීමට සහ මාංශ පේශි වේදනාව සමනය කිරීමට උපකාරී වන එන්සයිමයක් වන පැපේන් අඩංගු වෙනවා .
ඒ නිසා ආහාර ගැනීමෙන් අනතුරුව හෝ ව්‍යායාම කිරීමෙන් පසුව ගන්න පැපොල් කියන්නේ හොඳ පළතුරක් .

2. කෙසෙල්
කෙසෙල් ග්‍රෑම් 100 කට ප්‍රෝටීන් ග්‍රෑම් 1.1 ක් පමණ අඩංගු වෙනවා . ඔයා ගන්න කෙසෙල් වර්ගය අනුව මේ ප්‍රමාණය සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් . කොහොම වුණත් ශරීරය මාංශ පේශි ස්කන්ධය පවත්වා ගැනීමට සහ මාංශ පේශි ක්ෂය වීම වැළැක්වීම සඳහා උපකාරී වන ඇමයිනෝ අම්ල වර්ග බොහොමයක් මේ කෙසෙල් වල තියෙනවා .
මීට අමතරව, කෙසෙල් වල කාබෝහයිඩ්‍රේට් සහ පොටෑසියම් අධික වන අතර එමඟින් ග්ලයිකෝජන් ගබඩා නැවත පිරවීමට සහ මාංශ පේශි කැක්කුම වැළැක්වීමට උපකාරී වනවා .
කෙසෙල් ව්‍යායාම කිරීමට පෙර හෝ පසු ගන්න පුළුවන් හොඳ පළතුරක්.

3. කොස්
ඉදුණු කොස් ගෙඩියේ ග්‍රෑම් 100කට ප්‍රෝටීන් ග්‍රෑම් 1.9ක් අඩංගු වෙනවා . ඒ වගේම කාබෝහයිඩ්‍රේට් සහ පොටෑසියම් ද කොස් වල තියෙනවා. එය මාංශ පේශි අලුත්වැඩියා කිරීමට සහ ශක්තිය නැවත පිරවීමට උපකාරී වනවා .
ඉතින් මේ කොස් (වරකා) කාලේ නේ එන්න යන්නේ . ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ආහාරයට ලේසියෙන් ම කොස් එකතු කර ගන්න.

4. දෙළුම්
දෙළුම් ග්‍රෑම් 100 කට ප්‍රෝටීන් ග්‍රෑම් 1.7 ක් අඩංගු වෙනවා . ඒ වගේම තමයි දෙළුම් කියන්නේ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් පළතුරක් . මාංශ පේශිවලට රුධිර ප්‍රවාහය වැඩි කිරීමට උපකාරී වනවා වගේම ව්‍යායාම කිරීමෙන් පසු මාංශ පේශි යථා තත්ත්වයට පත් වීම වේගවත් කරන්නත් මේ දෙළුම් වලට පුළුවන් .
ඉතින් ඔයාට පුළුවන් නම් ව්‍යායාම කරලා ඉවර වුනාම දෙළුම් යුෂ බොන්න , ඒක හරිම හොඳ දෙයක් වෙනවා .

5. පේර
පේර යනු ප්‍රෝටීන් බලාගාරයක් වන අතර ග්‍රෑම් 100කට ප්‍රෝටීන් ග්‍රෑම් 2.6ක් වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා . ඒ වගේම පේරවල තන්තු සහ විටමින් සී බහුලව තියෙන නිසා පේර මාංශ පේශි අලුත්වැඩියා කිරීමට සහ ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වනවා .
ඉතින් ඔයාට පුළුවන් පේර පළතුරක් විදිහට වගේම යුෂ විදිහටත් ගන්න.


