Harry සහ Meghan ගේ දරුවන් ද සිටින නත්තල් සුබ පැතුමක්

Sussex හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන Harry සහ Meghan ඔවුන්ගේ නිල නත්තල් සුබ පැතුම් පතේ ඔවුන්ගේ දරුවන් දෙදෙනාගේ දුර්ලභ ඡායාරූපයක් ද එකතු කර තිබෙනවා .

ඡායාරූප හයකින් සමන්විත වන එම කාඩ්පතේහි “We wish you a very happy holiday season” යනුවෙන් සටහන් කර තිබෙනවා .

5 හැවිරිදි ආචී කුමරු සහ 3 හැවිරිදි ලිලිබෙට් කුමරිය සිනහවකින් සහ දෑත් දිගු කර ඔවුන්ව පිළිගන්නා තම දෙමාපියන් දෙසට යන ආකාරය එක් ඡායාරුපයක දැකිය හැකි වනවා .

කුඩා දරුවන් දෙදෙනාගේ මුහුණු නොපෙනෙන පරිදි මෙම සියලු ඡායාරූප ගෙන තිබීම විශේෂත්වයක් .