වනවාටු දිවයින ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

ඔස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටි වනවාටු දිවයිනේ පෝට් විලාහි රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව තිබෙනවා.

මතුපිට සිට කිලෝමීටර 10ක් පොළොව අභ්‍යන්තරයේයි මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කළ බවයි එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.