අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව දෙසැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්ය.
අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් ද නමක් යෝජනා කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.
මේ අතර අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නව කථානායකවරයා පත්කිරීම සිදුකර ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.
අදාළ ගැසට් නිවේදනය පහතින් ,


