අදත් කොළඹ කොටස් වෙළදපොළ ඉහළට

අදත් කොළඹ කොටස් වෙළදපළේ මිල දර්ශකවල ඉහළ යාමක් දක්නට ලැබුණා.

ඒ අනුව, සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 16. 02 කින් ඉහළ ගොස් සටහන් වූයේ 14,516. 46 ක් ලෙසයි.

එසේම එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 34. 75 කින් ඉහල ගොස් ඒකක 4384. 57 ක් ලෙස දැක්වුණා.

දිනය අවසානයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම දැක්වුණේ රුපියල් බිලියන 6.3ක් ලෙසයි.