යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ පත්කර තිබෙනවා.
ඒ අනුව ඔහු අද (16) සිට සිය ධුරයේ රාජකාරි ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
1991 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වන බ්‍රිගේඩියර් මැදගොඩ, බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයක්.
ඔහු කාලතුවක්කු බලකායට අනුයුක්තව රාජකාරී කළ අත්දැකීම් බහුල නිලධාරියෙක් වනවා.
එම්.ජේ.ආර්.එස්. මැදගොඩ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නිලධාරියෙක් වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

